- මහගම සේකරයන් පිළිබඳ පුංචි සදහනක් -
මොහුගේ පරිනත කවිත්වය ජීවිතයේ නිස්සාරත්වය ඔස්‌සේ සුන්දර කදු හෙල් මිටියාවත් ගිරි දුර්ග ඔස්‌සේ පැමිණ ඇති සැටි නම් කදිමයි. ඔහුගේ පර්යේෂණකාමී බුද්ධියක් තිබුණේ ය. සියුම් වින්දන ශක්තියක් උපතින්ම ගෙනා මහගම සේකර, ඔහුටම ආවේනික වූ භාෂා ආධිපත්‍යයක් හිමිකරගෙන සිටියේය. ගැමි වහර, ගත් වහර හා සුසංයෝගී වූ ඔහුගෙ ගැදි බස කවි බස නම් පාඨක තෝතැන්නට ගලා යන සුන්දර නිල් දිය දහරක්යයි කිව යුතුය.
1929 අප්‍රෙල් මස 07 වෙනිදා ගම්පහ සියනෑ කෝරළයේ රදාවක ගම්මානයේ දී මෙලොව එළිය දුටු ඔහු 1934 දී එම ගම්මානයේ පාසලකට අකුරු කරන්නට ගියහ.
ප්‍රාථමික අධ්‍යාපනය කිරිඳිවැල රජයේ පාසලෙන් ගත් මොහු 1944 දී සිංහල ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර විභාගය සමත් විය.
මොහු 1945 හේවුඩ් රජයේ ලලිත කලායතනයට ඇතුලත්ව චිත්‍ර විෂයට අධ්‍යයනය කළේය. 1949 දී චිත්‍ර කර්ම ගුරුවරුන් බඳවා ගැනිමේ විභාගයෙන් සමත්ව නිට්ටඹුව ගුරු ඇබෑසියෙන් පිටවූයේ ගුරුවරයකු ලෙසට ය. එහෙත් ඔහු ඉංග්‍රීසි අධ්‍යාපනය සදහා යලි ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍රය සදහා විභාගයට පෙනී සිටියේය.
රාජගිරියේ හේවාවිතාරණ විද්‍යාලයේ චිත්‍ර කර්ම ගුරුවරයා ලෙස සේවය කරද්දී, සේකර නිදහස් කලා ලොවට පිවිසියේය. මේ වන විට ඔහුගේ "ධවල සේනාංකය" කෘතිය පළ වී තිබුණි. ඔහුගේ දෙවැනි කෘතිය වූයේ "පුංචි අයට කයි කතන්දර" නම් වූ ලමා කෘතිය වේ. එය 1959 දී ප්‍රසිද්ධියට පත් කරන ලදී. ඉන් පසුව ඔහු "ස්වර්ණතිලකා" නාට්‍ය නිශ්පාදනය කළේය. 60 දශකයේ දී මහගම සේකරයන් ප්‍රතිභාපූර්ණ කුසලතාව හි නිම් වළලු පුළුල් වූ වකවානුව වේ.
1960 දි ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ වැඩ සටහන් සම්පාදක වරයකු ලෙස පත් විය. ඔහු සරුවට ලිවීම ආරම්භ කරමින් විවිධ කලා කෘති නිර්මාණය ව්‍යාප්ත කරමින් සිට 1963 දී "කුසුමලතා සුරවීර" මෙනවිය සමඟ විවාහ විය. මේ වන විට ඔහු ලන්ඩන් විශ්ව විද්‍යාලයේන් උපාධියක් ද සමත්ව තිබුණි. 1971 දී රජයේ කලායතනයේ හි ප්‍රධානියා ලෙස පත් වූ මහගම සේකරයන් ශ්‍රී ලංකා විදෝද්‍ය සරසවියේ සිංහල බාහිර කථිකාචාර්ය ධුරයට පත් වූ ඔහු 1973 දී ශාස්ත්‍රපති උපාධිය හිමි කර ගත්තේ ය. අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අධ්‍යාපන නිලධාරී තනතුරට පත්ව කලක් එහිද සේවය කළේය. එයින් පසුව මහගම සේකරයන් යළි ලලිත කලායතනයේ විද්‍යාලයාධිපති වී 1976 ජනවාරි මස 11 වෙනිදා හදිසියේ ම මරණයට ගොදුරු විය.
මොහුගේ සාහිත්‍ය සේවා ලෙස
👉 "ධවල සේනාංකය"
👉"පුංචි අයට කයි කතන්දර"
👉"ව්‍යංගා"
👉"සක්වාලිහිණි"
👉"සද්දන්ත හා තවත් නාට්‍ය"
👉"මූදු පුත්තු"
👉"හෙට ඉරක් පායයි"
👉"මක්නිසාදයත්"
👉"රාජ තිලක, ලයනල් හා ප්‍රියන්ත"
👉"බෝඩිම"
👉"තුන් මන් හන්දිය"
👉"මනෝ මන්දිරය"
👉"මහගම සේකර ගීත"
👉 "සරු පොළොවක් අපට ඇතේ"
👉"නොමියෙමි" හා මරණාසන්න වකවානුවේ ලියු" ප්‍රසිද්ධ" නම් කල හැකිය.
මහගම සේකර නම් රසකාමී කවියෙකි. නව කතා කරුවෙකි. චිත්‍ර ශිල්පියෙකි. කැටයම් කරුවෙකි. නාට්‍ය රචකයකයෙකි. ගීත රචකයකි.
රත්නදීප ජන්ම භූමි, මේ සිංහල අපගෙ රටයි, පිලේ පැදුර, පාළු අඳුරු නිල් අහස මමයි, ලොව යම් කිසිවෙකු, සිරිසාර බුලත් විට, ඔබේ දෑසයි, වක්කඩ ළඟ, ආරිච්චි බෝරිච්චි, ඉරට මුවාවෙන් වැනි ගීත බොහෝ දෙනා එදාත් අදත් ගී පවස නිවාලන ගී පද රචනා ය. අමරදේවයන් ගේ කට හඩ හා එන ගමනේ පද රටා එකතුව ගුවන් විදුලියේ නුග සෙවණ මගින් කලේ සංගීත ශ්‍රාවකයන්ට නොමියෙන සේවාවකි. මධුවන්ති, මහගම සේකර - අමරදේව සුසංයෝගය සංගීත අම්බරයේ සදාකාලික නොබසින චන්ද්‍ර මඩල ලෙස හැඳින්විය හැකිය.
සිංහල නාට්‍ය කලාවට, සිනමා කලාවට නොමියෙන සේවාවක් කල මහගම සේකරයන් පිළිබඳ ලියන්නට තවත් දේ නම් ඇත්තේය.
Like කරලා එකතු වන්න #smile_lanka
Comments
Post a Comment